Wednesday, September 26, 2012

හැංගිලා ඉන්නද Try කරන්නේ !




  අද කියල දෙන්නම් හැමෝටම වැදගත් වෙන පොඩි Tool එකක් ගැන.

Tool ඒක තමයි " Real Hide IP " මුලින්ම කියන්න මේකෙන් වෙන්නේ මොකක්ද කියලා. මේ Tool ඒක අපේ පරිගණකයට දා ගත්තාම අපිට පුළුවන් අපි ඉන්න location ඒක Hide කරන්න. උදාහරණයක්‌ විදියට දැන් ඔයාල මෙන්න මේ site එකට ගිහින් බලන්න. ඔයාල ඉන්න රට අනුව මේකේ වැටෙනවා ඔයාලගේ IP Address ඒක වගේම ඉන්න රට සහ නගරය. ඉන්න රට නම් හරියටම පෙන්නුවත් නගරය නම් හරියටම ලංකාවේ අයට පෙන්නන්නේ නැ. ඔන්න බලන්නකෝ මගේ වැටෙන විදිය මම පහලින් photo එකක් දාන්නම්කෝ.



මේක බලන්නේ මෙන්න මේ site එකෙන්   -   http://www.whatismyipaddress.com

තව ඔය වගේ site ඕනේ තරම් ඇති. පොඩ්ඩක් හොයල බලන්න විතරයි තියෙන්නේ. හැබැයි මේවගේ නිවැරදිභාවය ගැන නම් මට සහතික වෙන්න බැ. ඔය මම දීපු site ඒක නම් ගොඩක් දුරට හරි. බලන්නකෝ ඔතන city කියන එකට වැටිලා තියෙන්නේ Veyangoda කියලා. මම ඉන්නේ කිරිදිවැල පැත්තේ. ඉස්සර නම් කොහේ ඉදන් බැලුවත් colombo කියල තමා වැටුනේ. මේ ලගකදී ඉදන් ටිකක් හරි ලගට වෙන්න වැටෙනවා. ආසියාවේ ආශ්චර්ය වේගන එන හින්දද කොහෙද ? හික් හික් ... ඔන්න දැන් කස්ටිය ඉන්න තැන හොයනවා ඇති.

දැන් අපිට මේ දැන් දෙන්න යන Real Hide IP කියන software ඒක බාවිතා කරලා අපි ඉන්න තැන වගේම අපේ IP Address එකත වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ software එකෙන් කරන්නේ නම් දෙගොල්ලන්වම ඇන්දවීමක්. ඒක පැත්තකින් අපිව ගොනාට අන්දනවා. මොකද එයාල අපි මොකක් හරි webpage එකක address එකක් ගහපුවම අපි තෝරපු රටට අදාලව ඒ රටේ තියෙන public server එකකින් ඒ වෙබ් පිටුවේ data request කරලා අපිට පෙන්නනවා. එතොට අර වෙබ් පිටුවේ අය හිතන්නේ අපි ඉන්නේ අර රටේ කියලා. ඒ පැත්තෙන් උන් ගොනාට අන්දෙනවා. හරි වටිනවා නේද ? හික් හික් ...

ඔන්න දැන් ගිහින් බලන්න මෙන්න මේ site එකට   -   http://www.hackforums.net/

අෆ්ෆා යන්න දෙන්නේ නැ නේද ? මොකක්ද නරක වචන වගයක් වැටෙනවනේ. ඔන්න ඔය වගේ අපිට block කරපු site වලට එහෙමත් අපිට මේ tool ඒක බාවිතා කරලා යන්න පුළුවන්. ඔන්න දැන් කියල දෙන්නම් මේක කොහොමද දා ගන්නේ කියලා. ඔක්කොම ටික මම දෙන්නම් crack කෑලි serial අංක ඔක්කොමත් එක්කම. මුලින්ම මෙන්න මේ file ඒක download කොර ගන්නකො.


ඊට පස්සේ ඔකේ තියෙන සබ්බ සකල මනාවම කොහෙට හරි extract කර ගන්න. දැන් තියෙනවා ඒක ඇතුලේ " RealHideIP-4.0.9.8.Setup.exe " කියල exe file එකකුයි " RealHideIP-4.0.9.8 Crack " කියල folder එකකුයි. මුලින්ම exe file ඒක run කරලා install කර ගන්න. ඊට පස්සේ එකේ තියෙන " RealHideIP-4.0.9.8 Crack " folder එකට ගිහින් " RealHideIP.exe " කියන exe file ඒක copy කරගෙන අර කලින් exe ඒක install කරපු folder ඒක ඇතුලට දැන් copy කර ගත්ත " RealHideIP.exe " ඒක past කර ගන්න.
ඔන්න දැන් වැඩේ හරි. ඔක්කොම ටික හරියටම කරා නම් මේ වෙනකොට ගොඩ. ඔන්න දැන් බලමු කොහොමද අපේ IP ඒක වෙනස් කර ගන්නේ කියලා.

මුලින්ම software ඒක open කර ගන්න. ඊට පස්සේ Settings වලට ගිහින් Browser කියන එකේ ඔයාගේ Browser එකට අදාළ කොටස තෝරන්න. firefox නම් වඩා හොදයි. දැන් එතනම යටින් තියෙන Re-install Browser plugin කියන ඒක තෝරන්න. දැන් ඔයාල තෝරපු browser එකට මේ plugin ඒක install වෙනවා. දැන් එකේම Genaral කියන කොටසට ගිහින් එතන තියෙන පලවෙනි tic ඒක අයින් කරන්න. නැත්තම් PC ඒක on වෙන ගානේ ඕක වැඩ කරනවා. tic ඒක අයින් කරාම ඔයාට ඕනි වෙලාවට විතරක් වැඩේ කර ගන්න පුළුවන්. දැන් ඒක ok කරන්න. ඊට පස්සේ " Choose IP Country " කියන එකට ගිහින් ඔයාලගේ IP ඒක hide කරන්න ඕනි රට තෝරන්න. දැන් එකත් OK කරලා. Hide IP කියන ඒක click කරන්න. දැන් වැඩේ හරි. ඔයාලගේ IP ඒක දැන් hide වෙලා තියෙන්නේ. ඔන්න දැන් අයිත අර site එකට ගිහින් බලන්න.

දැන් ඔයාලගේ IP ඒක බලන්න   -   http://www.whatismyipaddress.com

දැන් අර කලින් යන්න දුන්නේ නැති එකට ගිහින් බලන්න - http://www.hackforums.net/

ඔය දෙවෙනියට කියපු site ඒක USA වලට නියමෙට වැඩ
.

ඔන්න වැඩේ ගොඩ නේද ? හැබැයි මේකෙදි පොඩි පොඩි ප්‍රසන ටිකක් තියෙනවා. පලවෙනි කරනේ තමා මේකෙන් අපි IP ඒක Hide කරලා use කරනකොට අපේ internet speed ඒක ටිකක් අඩු වෙනවා. අයිත් Hide කරන ඒක නවත්තුවම ඒක හරියනවා.

දෙවෙනි කරනේ තමා මේකෙන් IP hide කරාට පස්සේ google chrome ඒක හරහා ගියාට පෙළක් වෙලාවට IP ඒක hide උනා කියල පෙන්නනේ නැ. ඒ ඇයි කියන්න දන්නේ නැ.


අනිත් කාරණාව තමා මේ විදියට IP ඒක හංගලා තමන්ගේ google adsense එකට එහෙම click දාගන්න යන්න එපා. එකට හේතුව තමා මේ වගේ software වලින් බාවිතා කරන public proxy ගැන google එකේ කස්ටිය හොදට දන්නවා. අපි click කර ගමන් action එකක් නොගත්තත් ටික කාලයක් වැඩේ කරගෙන යනකොට අපේ adsense account එකට බඩු have වෙන්න ඉඩ තියෙනවා. මොකෝ google එකේ අය මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයිනේ. එත් මම බ්ලොග් එකක දැක්ක මේක adsense earning ඒක වැඩි කර ගන්න ඉතාමත් සාර්ථක ක්‍රමයක් බව. එකේ නිවැරදිතාව ගැන නම් මම කියන්න දන්නේ නැ. මොකද මම එහෙම කරලා බලල නැ. මේක මගේ අදහස විතරයි. අලුත් දේවල් කරලා බලන ඒක ඔයාලගේ වැඩක්.




එහෙනම් ඉතින් අදට මම යනවා. ඉතින් ඔයාලත් මේ පොස්ට් ඒක කියවල අලුත් දෙයක් දැන ගත්තනම් ඒක මට ලොකු සතුටක්. ඉතින් comment එකකුත් දාල Facebook පැත්තේ එහෙම Share කරලා යන්න අමතක කරන්න එපා. අයිත් පුළුවන් උන වෙලාවක පොස්ට් එකක් දාන්නම්.............

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..