Sunday, September 23, 2012

සිංහල unicode on Android-Google Nexus

Note: මෙම ක්‍රියාව අදාල වන්නේ Google Nexus One හා Android 2.2 (FRF91) සදහා පමණයි, වෙනස් ෆොන් එකක් ඇත්නම්, google කර root කරන්නේ කෙසේදැයි කියා සොයා බලන්න. font copy කිරීම සියලුම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සමාණයි. තවද මෙම ක්‍රියාවලිය කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු විය හැක. ඒ වගේම මෙම ක්‍රියාව මගින් ෆොන් එකේ ඇති සියලුම application හා දත්ත මැකීයයි. (SD එකේ ඇති දත්ත වලට හානියක් සිදු නොවේ). එම නිසා මෙය කිරීමට පෙර ෆොන් එක backup කරන්න.

සිංහල දැමීමට පෙර අපි Nexus One එක root කල යුතුයි. මෙය කිරීමට පෙර bootloder එක unlock කිරීමක් කරන්න ඔනේ. මේ සදහා පහත දෑ download කරන්න.  root කිරීමක් කියනේ Android OS එකේ admin හෝ super user බලතල ලබාගැනීමයි. Android යනු Linux OS එකකි.
Superboot (වැඩි විස්තර හා වෙනත් Android version සදහා)
USB Driver (Linux, MAC OS සදහා Android SDK එක යොදාගන්න)
1. Nexus One එක USB Debug Mode enable කරන්න.
Settings->Applications->Development->USB debugging
2. Nexus One එක පරිගනකයට USB හරහා සම්බන්දකොට USB Driver එක Install කරන්න.
3. දැන් Unzip කරන්න Superboot ZIP ෆයිල් එක. පසුව command line (cmd) එකක් open කර superboot එකේ ෆයිල් ඇති තැනට යන්න.
දැන් අපි bootloder එක unlock කරමු.
1. Phone එක off කරන්න.
2. trackball එක ඔබාගෙන power button එක ඔබා අතහරින්න, trackball එක ඔබාගෙනම සිටින්න. ඔබට දැන් boot rom mode එක දැකගත හැක.

3. USB cable එක පරිගනකයට සවිකරන්න.
4. Open කරපු cmd ලයින් එකේ පහත විදානය ලබාදෙන්න.
fastboot-windows oem unlock
5. එවිට ෆොන්ට් එකේ google unlock කිරීමට අදාල තිරය දිස්වෙයි, Volume key එක මගින් YES කියන එක තෝරා Power Button එක ඔබන්න. දැන් ෆොන් එක reboot වෙයි.
root කිරීම කරනේ කෙසේදැයි බලමු.
1. trackball එක ඔබාගෙන power button එක ඔබා අතහරින්න, trackball එක ඔබාගෙනම සිටින්න. ඔබට දැන් boot rom mode එක ගන්න.
2. කලින් විදානය දුන් cmd ලයින් එකේම පහත විදානය ලබාදෙන්න.
fastboot-windows boot boot.FRF91.superboot.img
3. දැන් ෆොන් එක reboot වෙයි.

දැන් බලමු සිංහල දාන්නේ කොහොමද කියලා.
1. Sinhala Font එක download කරන්න.
2. Font එක unzip කරලා, font එකේ SD card එකේ root එකට copy කරන්න.
3. දැන් පරිගනකයෙන් ෆොන් එකේ SD card එක safely remove කරන්න.
4. දැන් ෆොන් එකෙන් Turn off USB storage කරන්න.
5. ඉහත open කරපු cmd එකේ පහත විදාන දෙන්න.
adb shell
su
6. දැන් ෆොන් එකේ su allow කරනද කියා අසයි, එවිට allow කරන්න, cmd එකේ Permission Deny කියලා ආවොත් allow කිරීමෙන් පසුව නැවත su විදානය දෙන්න.

7. පහත විදාන පිලිවෙලට ලබාදෙන්න.
mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock4 /system
cd /system/fonts
chmod 4755 DroidSansFallback.ttf
dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf
reboot

සියල්ල හරියට සිදුකරානම් ෆොන් එක reboot ඌ පසු සිංහල හරියාකාරව දිස්වෙනු ඇත.

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..