Thursday, September 27, 2012

VLC ලොක්ක අලුත්වෙලා කියන්නෙ!!! දැන්ම අලුත් එකට මාරුවෙනව හොඳයි :


 

චිත්‍ර පටයක් බලන්න, ගීතයක් රස විඳින්න, Online Radio වටක සජීවීව සවන්දෙන්න, Streaming කරන්න වගේ ගොඩක් වැඩ වලට අපි එදිනෙදා බාවිතා කරන ඉතා ජනප්‍රිය වගේම නොමිලේ ලබාගත හැකි Media Player එකක් වන්නේ VLC Player එක.
මෙම Media Player එක අනෙකුත් Media Players වලින් ‍විශේෂ වනේනේ විෂාල ගොණු(Files) වර්ග සංඛ්‍යාවකට සහය දැක්වීම, සරල බව, Windows හැරුණුකොට අනෙකුත් Platform සඳහාද සහය දැක්වීම නිසාය. ඉතින් මෙයාලා VLC Media Player එක එළියට දැම්මේ Version 1.1.11 විදයට. ඉන්පසු ගොඩ කාලයකට පසු ටික දිනකට කලින් මෙම Media Player එකෙහි Version 2.0 නිකුත් උනා..මම හිතනවා හැමෝම වගේ දැන් බාවිතා කරන්නේ Version 2.0 කියලා.

දැන් මෙම Media Player එකෙහි තවත් Update එකක් ඇවිත් තිබෙනවා. Version 2.0.1 ලෙස. ‍මෙම Update එකත් සමග VLC Media Player එකෙහි වූ අනාරක්ෂිත තැන් සියගණනක් නිවැරිදි කර ඇති අතර MxPEG යන ගොණු වර්ගයට සහය දැක්වීම, Mac OS X සඳහා Player එකේ UI(User Interface) එක වැඩි දියුනු කරීම් වැනි වෙනස්කම් කීපයක්ම සිදුකර ඇති බවයි ආරංචි. සමහර විට ඔබ දැනට බාවිතා කරන VLC Player එක විසින්ම අදාල යාවත්කාලීන වීම ස්වයංක්‍රීයවම ලබාගෙන තිබෙන්නත් පුලුවන්..එසේ නොමැතිනම් ඔබටම එය යාවත්කාලීන කර ගන්න පුලුවන්..

වැඩි දුර විස්තර සඳහා  :- http://www.videolan.org/vlc/releases/2.0.1.html
බාගත(Download) කර ගැනීම සඳහා :- http://www.videolan.org/vlc/

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..